Published
දිවයින පුරා ලබන සදුදා පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද තීරණය කර තිබෙනවා.
ඒ, එම සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස්වූ අවස්ථාවේදීයි.
දීපව්‍යාප්ත වැඩවර්ජනයට එක්වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා මධ්‍යම කාරක සභා විශේෂ රැස්වීමක් කැදවු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.




