Published
ආපදාවලින් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ලබාදීමට ප්‍රකාශයට පත් කරන ලද සියලු සහන ජනතාවට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
අයවැය විවාදයේ අවසාන දිනයේදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළේ වත්මන් ආණ්ඩුවට ලබා දිය හැකි සහන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ආපදාවලින් පීඩාවට පත්ව සිටින ජනතාව සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති සහන පැකේජය ඉටු කළ හැකි පොරොන්දු දැයි සැක සහිත බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ලබා දුන් පොරෙන්දු ඉටු කරනවාද නැද්ද යන්න ඉදිරියේදී ජනතාවට පැහැදිලි වනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.




