Published
නොනවත්වා ධාවනය කරන ලද ත්‍රී රෝද රථයක් පසුපස හඹා ගිය පොලිස් යතුරු පැදියක් අනතුරට පත් වීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පුත්තලම – කුරුණෑගල මාර්ගයේ කල්අඩිය ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එහිදී තුවාල ලබා ඇත්තේ පුත්තලම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක්.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
එම පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ රාත්‍රී පුත්තලම – කුරුණෑගල මාර්ගයේ කල්අඩිය ප්‍රදේශයේ රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිට ඇත අතර එම අවස්ථාවේදී කුරුණෑගල දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් නතර කරන ලෙසට ලෙස පොලිස් නිලධාරීන් විසින් අණ කර තිබෙනවා.
එහෙත් එම ත්‍රීරෝද රථය පොලිස් අණ නොතකා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිය යතුරුපැදියෙන් ගමන් කර තිබෙනවා.
එහිදී ත්‍රීරෝද රථයේ ගැටීමෙන් යතුරුපැදිය අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
ත්‍රීරෝද රථ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව රිය ධාවනය කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.