බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය අතර 21 වන වරටත් පැවැත්වෙන ඌවේ මහා රන් ගැටුම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.
ඊයේ දිනය නිමාවන විට සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය කඩුළු 8කට ලකුණු 95ක් රැස්කර ගෙන සිටියා.
ඊයේ දිනයේ සිදුවූ කැපී පෙනෙනම සිද්ධිය වූයේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ජනිත ගිම්හාන පන්දුවාර 18කදී කඩලු 7ක් බිද හෙලීමට සමත් වීමයි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය පන්දුවාර 46කදී සියලු දෙනා දැවී ලකුණු 142ක් රැස්කලා.
තරගය පැවැත්වෙන්නේ බණ්ඩාරවෙල මහ නගර සභා ක්රීඩාංගණයේදීයි.
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය අතර 21 වන වරටත් පැවැත්වෙන ඌවේ මහා රන් ගැටුම වාර්ෂික මහා ක්‍රිකට් තරගය සදහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.



