SLC T 20 ලීග් 2025 තරඟාවලියේ තවත් තරඟයක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන නිල් කණ්ඩායම සහ චරිත් අසලංක නායකත්වය දරන අළු කණ්ඩායම අතරයි. නිල් කණ්ඩායම මෙතෙක් තරඟ තුනකට සහභාගී වී ඇති අතර ඔවුන් එම තරඟ තුනම පරාජයට පත් වුණා. අළු කණ්ඩායම තමන් සහභාගී වූ තරඟ දෙකෙන් එක් තරඟයක් ජයගෙන සිටිනවා. ඒ අනුව අද තරඟයෙන් අළු කණ්ඩායම ජයගතහොත් ඔවුන්ට අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වනවා. කෙසේවෙතත් නිල් කණ්ඩායම අද තරඟය ජය ගත්තද ඔවුන්ට අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ඇත්තේ අවම අවස්ථාවක් පමණයි. SLC T20  ලීග් 2025 තරඟාවලියේ අවසන් මහා තරඟයට කොළ කණ්ඩායම දැනටමත් සුදුසුකම් ලබා අවසන්. නිල් කණ්ඩායම සහ අළු කණ්ඩායම අතර මෙම තරඟය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද පස්වරු 01.30ට ආරම්භ වනවා. මෙම තරඟාවලියේ සියලු තරඟ අඅඅගඒකැබඑඑඩගකන ඔස්සේ නැරඹිය හැකියි. තරඟාවලියේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.