අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ බදු අඩු කිරීමක් සිදු වෙයිද?

එසේ නම් ඒ පිළිබඳ තාමත් තීරණයක් නැත්තේ ඇයි?

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා.

 

වරායෙන් නිදහස් වූ කන්ටේනර් සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

කැබිනට් පත්‍රිකා හරහාත් වංචා සිදු වනවාද?

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.