ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට, එනම් බටහිර දෙසට තවදුරටත් ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයෙත් වැසි අපේක්ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ.

''ශ්‍රී ලංකාව ආසන්නයේ පැවැති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට බස්නාහිර දිශාවට ගමන් කරමින් පවතිනවා. කොහොම වුණත් මේ පද්ධතියේ බලපෑම අද දිනයේත් පවතිනු ඇති බවටයි බලාපොරොත්තු වෙන්නේ.අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලත්, ඒ වගේම අනුරාධපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවට බලාපොරොත්තු වෙනවා. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00 න් වගේ පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. සමහර ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මතක් කරනවා, ගිගුරුම් සහිත වැසිත් එක්ක ඇතිවෙන්න පුළුවන් තාවකාලික තද සුළංවලිනුත්, ඒ වගේම ප්‍රබල අකුණුවලිනුත් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස''