රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරින් විසින් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
 අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවීමට නියමිතයි.
එම නඩුකරයට ඉදිරිපත් කිරීම සඳහා සැකකාර නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.