පාසල් මට්ටමින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීම සහ සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාසල් මට්ටමින් සිදු කරන එවැනි සෝදිසි කිරීම් සඳහා නිල සුනඛ සහාය අවශ්‍ය නම් විද්‍යාලයේ විදුහල්පතිට, පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සමග සම්බන්ධ වී ඊට අදාල සහාය ලබා ගැනීමට හැකි වනවා.

ඒ අනුව 071 85 91 816 හෝ 081 22 33 429 යන දුරකථන අංකවලට අමතා ඊට අදාල තොරතුරු ලබාගත හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාස පැවසුවේ.