හැටන් පොලිස් වසමේ පාසලක පන්ති කාමරයක සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා කොන්දේසියකට යටත්ව ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාරදී තිබෙනවා.
පොලීසිය පැවසුවේ නැවත දැනුම් දුන් අවස්ථාවක විමර්ශන කටයුතු සදහා එම සිසුන් පොලීසියට හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත එලෙස දෙමව්පියන්ට භාරදුන් බවයි.
අදාළ පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර පන්ති කාමරයක් තුළදී එම ගැටුම හටගෙන ඇත්තේ පසුගිය මාර්තු 9 වනදායි.
එම ගැටුමට අදාළ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා.
ඒ අනුව පොලිස්පතිවරයා පොලීසියට නියෝග කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
විමර්ශන ඇරඹු පොලිස් නිලධාරීන් එම සිද්ධියට සම්බන්ධ සිසුන් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
පාසලේ සිසුවෙකු තුල් පානය කරන බවට පහර කෑමට ලක් වූ සිසුවා මීට පෙර පංතිභාර ගුරුවරයා වෙත දැනුම් දී තිබෙනවා.
ඊට උරණ වූ සිසුවා ඇතුළු සිසුන් කිහිප දෙනෙකු අදාළ සිසුවාට පහරදී ඇති බවයි වාර්තා වුණේ.



