Published
2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මරියා මචාඩෝ වෙත පිරිනමා තිබෙනවා.
ඒ, වෙනිසිලියානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා සාමකාමී පරිවර්ථනයන් සඳහා සිදුකළ අරගලය වෙනුවෙන්.
නෝරිවිජියානු නොබෙල් කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබුණා.
එම කමිටුව පැවසුවේ වෙනිසියුලාවේ ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට විපක්ෂ නායිකාව වෙහෙස වී කටයුතු කළ බවයි.
පසුගිය වසරේ පැවති වෙනුසියුලානු ජනාධිපතිවරණයට ඇයට තරඟ වැඳීමට අවස්ථාව ලැබුණේ නැහැ.
පසුව ඇය බොහෝදුරට සැඟවී ජීවත් වූ බවයි විදෙස් මාධය වාර්තා කළේ.
58 හැවිරිදි වියේ පසුවන වෙනිසියුලාවේ විපක්ෂ නායිකාව පවසා ඇත්තේ තමන්ට නොබෙල් සාම ත්‍යාගය ලැබීම පිළිබඳව ප්‍රීතියෙන් කම්පනයට පත්ව ඇති බවයි.