Published
ඊයේ පස්වරුවේ වැඩිම වර්ෂාපතනය කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවටින් වාර්තා වී තිබෙනවා.
මෙතෙක් ලැබී ඇති දත්ත අනුව මිලිමීටර් 130 ක වර්ෂාපතනයක් ඊයේ දිනයේ එලෙස වාර්තා වූ බවයි නෙත් නිවුස් කළ විමසීමකදි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඊට අමතරව මට්ටක්කුලිය ප්‍රදේශයෙන් මිලිමීටර් 125 යි දශම 5 ක් සහ මතුගම ප්‍රදේශයෙන් මිලිමීටර් 95 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
එවන් පසුබිමක් තුළ ඇදහැළුණු මහ වැසි හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසකම මාර්ග ජලයෙන් යටවුණා.
එමෙන්ම කොළඹ ජාතික රෝහලේ ඇතැම් පරිශ්රද ජලයෙන් යටවී තිබෙනවා.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.




