කැබිනට් සංශෝධනයක් යළි සිදු කරන්නේ නම් ඒ පිළිබඳ තීරණයක් ගනු ලබන්නේ ආණ්ඩුව තුළ අභ්‍යන්තර සාකච්ඡාවක් සිදු කිරීමෙන් පමණක් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ.
ඒ අනුව ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යාමට නම් කැබිනට් සංශෝධනයක් හෝ සිදු කරන ලෙසට ඔහු ඉල්ලීමක්ද කළා.
කෙසේවෙතත් ආණ්ඩුව හැර කිසිදු පාර්ශවයකගේ උවමනාව මත කැබිනට් සංශෝධනයක් සිදු නොකරන බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ.
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා.




