Published
ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් අද දෙවැනි දිනටත් ලෙඩ නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට නියමිතව තිබෙනවා.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගෙන් බහුතරයක් එක්වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සාධනීය ලෙස ක්‍රියාත්මක කිරීම සිය ඉල්ලීම වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.




