අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි මහතා
ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම සැකකරුගේ රෝගී තත්ත්වය කොළඹ ජාතික රෝහලදි වෛද්‍ය වාර්තා වල සඳහන් රෝගී තත්ත්වය පිළිබඳව කරුණු සුවිශේෂී කරුණු සේ සලකා මෙම සැකකරු ඇප මුදා හැරීමට තීරණය කරන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කලා.
ඒ අනුව අදාල සැකකරු රුපියල් ලක්ෂ 20 ක් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.
ඉන් අනතුරුව මෙම නඩුව පෙබරවාරි මස 17 වනදා කැදවන ලෙසත් නියම කළා.
2024 වසරේ ජනවාරි මස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහා ආයතනයක් තෝරා ගැනීමට සියලු ප්‍රසම්පාදන ්රියාවලිය උල්ලංඝනය කරමින් ජේ.එස්.එෆ් හෝල්ඩිං සමාගමට ලබාදෙන ලෙස නිලධාරීන්ට බලපෑම් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි සැකපිට මොහු අත් අඩංගුවට ගෙන තිබුණා




