සිය ඉල්ලීමට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට හලාවත දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලන් ඉවත් වන බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.

එහි ලේකම් කේ ඩී ඩී ප්‍රසාද් මහතා පැවසුවේ රාගම ප්‍රදේශයේ දුම්රිය සංඥාවල පසුගිය දිනක පැවති දෝෂය පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බවයි.

ඒ අනුව එය නිවැරදි කරන ලෙසට එම සංගමය දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළා.

 

මෙවැනි ගැටලුවලට පිළිගත හැක විසඳුම් ලබා දීමට දුම්රිය බලධාරීන් පියවර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.