Published
“ගවු පේ” හරහා රථ වාහන වැරදි සඳහා වන දඩ ගෙවීම ලබන 15 වනදායින් පසුව දිවයින පුරා සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලීසිය පවසනවා.
ඒ සඳහා පොලිස් නිලධාරින්ට අවශ්‍ය පහසුකම් ද සලසා ඇති බවයි රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසුවේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මෙම අදහස් පළ කළා.




