වයස අවුරුදු 16ට අඩු සිය දියණිය දූෂණය කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා ලැබ සිටි පියෙකුට වසර 54ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන බව ගම්පහ මහාධිකරණය අද නියම කළා.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් ගොනු කළ මෙම නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමින්, ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරු එල්ල වී තිබූ චෝදනා 03ටම වරදකරු කල බවයි පොලිස් මාධ්ය කොට්ඨාසය නිවේදන කළේ.
ඒ අනුව එක් එක් චෝදනාවට වසර 18 බැගින් වසර 54ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් එක්ලක්ෂ පනස්දහසක දඩයක් නියම කෙරුණා.
එම දඩය නොගෙවන්නේ නම් තවත් වසර 03ක සිරදඬුවම් නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.
ඊට අමතරව, වින්දිත දියණිය වෙත රුපියල් ලක්ෂ 02ක වන්දි මුදලක් ගෙවීමට ද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් තවත් වසර 02ක සිරදඬුවම් නියම කරන බවයි ප්රකාශ කළේ.
මේ අතර, අදාළ දියණිය දූෂණය කිරීම සහ මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් දැරියගේ මවගේ නිත්යානුකූල නොවන පුරුෂයාට ද පානදුර මහාධිකරණය මගින් මීට පෙර වසර 30ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 05ක වන්දි ගෙවීමට නියම කර තිබුණා.




