ජාත්‍යන්තර යෝගා දිනය ඊයේ දිනයට (ජූනි 21) යෙදී තිබිණි.

මෙවර සැමරුනේ 11 වන ජාත්‍යන්තර යෝගා දිනයයි.

”පුද්ගල යහපැවැත්ම සහ අපගේ ග්‍රහලෝකයේ සෞඛ්‍යය අතර ඇති සම්බන්ධය ඉස්මතු කරමින් ‘එක් පෘථිවියක්, එක් සෞඛ්‍යයක් සඳහා යෝගා” යන්න මෙවර තේමාව විය.

රටවල් රැසක් ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව උත්සව සහ යෝගා සැසි සංවිධානය කර තිබිණි.

ඉන්දියාව ද මෙවර යෝගා දිනය අතිඋත්කර්ශවත් ලෙස සැමරූ අතර නගර රැසක ඒ සඳහා විශේෂ යෝගා වැඩසටහන් පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රධාන යෝගා වැඩසටහන පැවැත්වුණේ රතු බලකොටුවේයි.

ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

දිල්ලියේ නේරු උද්‍යානයේ පැවැත්වූ යෝගා වැඩසටහනට නායකත්වය ලබා දුන්නේ විදේශ අමාත්‍ය එස් ජයිශංකර්.

මේ අතර ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද විශේෂ පණිවිඩයක් යොමු කර තිබිණි.

එහි දැක්වුණේ යෝග යනු හුදෙක් ව්‍යායාමයක් පමණක් නොවන බවයි.

එය ජීවන මාර්ගයක් බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

ඔහු යෝග වැඩසටහන සඳහා සහභාගී වී තිබුණේ විසාකාපට්නම් හිදීයි.

විශාකාපට්නම් හිදී මෙම වසරේ යෝග දින සැමරුමට සම්බන්ධ වීමට ලැබීම පුදුම සහගත බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා තිබිණි.