Published
හෙරොයින් ග්රැම් 36ක් සහ අටලක්ෂ හැත්තෑ පනදහස් පන්සිය පනහක මුදලක් සන්තකව සිටි තරුණියක් අගුලාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ශ්රි ඥානේන්ද්ර මාවත ප්රදේශයේ පදිංචි තරුණියක්.
අගුලාන පොදු ජය මාවත ප්රදේශයේදී අත්අඩංගුවට ගත් ඇය මෑතකදී හෙරොයින් ජාවාරමට සම්බන්ධවී ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
පොදු ජය මාවත ප්රදේශයේ නිවසක සැකකටයුතු අන්දමින් පිරිසක් රැදී සිටින අයුරු පාමුර සංචාරයේ නිරතව සිටි අඟුලාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට නිරීක්ෂණය වී තිබෙනවා.
ඒ පිළිබද සොයා බැලීමේදී අදාළ තරුණිය හෙරොයින් සහ මුදල් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.




