මහනුවර මහ නගර සභාවේ කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් ට්‍රැක්ටර් රථයක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ අනතුරකින් එක් සේවකයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එහිදි තුවාල ලැබූ තවත් සේවකයන් දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුර සිදුව ඇත්තේ මහනුවර, මුල්ගම්පොල, විහාර මාවත, පැනරාමා අතුරු මාර්ගයේදියි. අනතුරින් ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ හන්තාන, උඩුවෙල ප්‍රදේශයේ පදිංචි නගර සභා සේවකයෙක්.

මුල්ගම්පල ප්‍රදේශයේ කාණුවක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ රැගෙන යමින් සිටියදී එම ට්‍රැක්ටර් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.