නිල්වලා සහ කළු ගංගා අවට ඇතැම් පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් කැළණි සහ සෙසු ගංගා ආශ්‍රිතව ගංවතුර අවදානමක් නොමැති බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවේ.
''නිල්වලා ගඟ පෝෂිත ප්‍රදේශයට සහ එප්රදේශ ආසන්නයේ ලැබුණු වර්ෂාපතනයත් සමග විශේෂයෙන්ම අකුරැස්ස, පානදගම ප්‍රදේශයේ ජලමට්ටම සුළු ගංවතුර මට්ටමකට ආසන්නයට පැමිණ තිබෙනවා. කෙසේ නමුත් එය තත්ත්වය තවදුරටත් විශාල වැඩිවීමකින් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම එම හේතුවෙන් මාතර සහ අකුරැස්සයින් පහළ ප්‍රදේශ මාතර ආසන්නයේ පීඩිකත්තුව වැනි ප්‍රදේශවල දැන් පහත්බිම් යටවීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් එය විශාල ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පවතින වර්ෂාපතන තත්ත්වය යටතේ දකින්නට නැහැ. කෙසේ නමුත් ගිං ගඟ ජලමට්ටමත් විශේෂයෙන්ම බද්දේගම සහ ඊට ආසන්න ප්‍රදේශවලත් සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කළත් විශාල ගංවතුර තත්ත්වයක් වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. විශේෂයෙන්ම කළු ගඟ අතුගංගාවක් වන කුඩා ගඟේ ජලමට්ටම සැලකිය යුතු ඉහළ අගයකට විශේෂයෙන්ම සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න මට්ටම දක්වා මේ වනවිටත් වැඩිවෙලා තියෙනවා සහ තවත් සාමාන්‍ය ප්‍රමාණයක් වැඩිවීමේ හැකියාව තියෙනවා කළු ගඟේ අතුගංගාව. මේ හේතුව නිසා විශේෂයෙන්ම පාලින්දනුවර, බුලත්සිංහල වැනි ප්‍රදේශවල ඇතැම් පහත්බිම් යටවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කැලණි ගඟේ ජලමට්ටම් සැලකිය යුතු වැඩිවීමක් දකින්නට තිබුණත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඒ වගේම පවතින වර්ෂාපතන තත්ත්වයන් මත තවදුරටත් විශාල වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වගේම අනෙකුත් ගංගාවල ජලමට්ටම් සැලකිය යුතු ඉහළ අගයන්වලට වැඩි වුණත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් එවැනි තත්ත්වයක් නිරීක්ෂණය වෙන්නේ නැහැ."




