අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියෙන් ඉවත් වන ලෙසට අධිකරණ තීන්දුවක් නිකුත් කර තිබියදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස තවදුරටත් සත්‍යග්‍රහයේ නිරත වනවා.
උන් වහන්සේ මාධ්‍ය හමුවේ කියා සිටියා අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් පත්‍රය හකුළා ගන්නා තුරු සත්‍යග්‍රහයේ නිරතවන බවයි.
"මේ භූමිය විදෙස් පරසතුරු ආක්‍රමණයෙන් වළක්වා ගන්න එක අපේ වගකීම සහ යුතුකම. ඒ ඉෂ්ට කරන්නයි අපි අනුරාධපුරයට වැඩම කළේ. ඒ නිසා අපි කිව්වා මේ ඉන්න මල් කඩ දාගෙන ඉන්න, මේ රුවන්වැලි සෑයට මල් පහන් පූජා කරලා බණ භාවනා කරන්න ඉන්න භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස මේ අනුරාධපුරයෙන් පලවා හැරලා සංචාරක කර්මාන්තය කියලා එකක් අටවාගෙන, ගැසට් පත්‍රයක් මුද්‍රණය කරගෙන ඒ ගැසට් පත්‍රයේ ඉඩම් කෑලිවලට කඩලා විකුණන්න පස්සේ මිනිස්සුන්ට නිවන් දකින්න තියෙන මග ඇහිරෙනවා. ඒ අනාගත බය අංගුත්තර නිකායේ පංචක නිපාතයේ අනාගත බය සූත්‍ර ආනුභාවයෙන් අපි ජනතාවට පැහැදිලි කරා, පිරිත් කිව්වා, සජ්ඣායනා කරා. ඒ කියපු දේවල් තමයි, ඒ කරපු දේවල් තමයි අපි ඊයේ පොලීසිය විසින් විමසනකොට සිහිපත් කළේ. අනික මේ චීවර මාසය. චීවර මාසය කියලා කියන්නේ සිවුරු සකස් කරන මාසය. අපි අපිට සිවුරු සකස් කරගන්න චීවර කර්මාන්තයේ යෙදුණා, සුගත චීවරයක් සකස් කරනවා. ඉතින් එකී කටයුතුයි අපි මෙතන සිද්ධ කරන්නේ. ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් අපෙන් විමසීමක් කරා, අපි පොලීසියට කරුණු පැහැදිලි කිරීමක් කරා. අපි හිතනවා පොලීසිය කරුණු පැහැදිලි කරගන්න ඇති කියලා. අධිකරණය විසින් කළ යුත්තේ අපිව ආරක්ෂා කරන එක, පෝෂණය කරන එක. එය නොකර මෙවැනි තීන්දුවක් දීම පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ අධිකරණ මනස වෙනත් අතකට පොලීසිය විසින් අසත්‍ය කරුණු කියලා යොමුවල තියෙනවා. ඒ නිසා අපි හිතනවා අද දිනයේදී අධිකරණය, අධිකරණ මනසින් මේ පිළිබඳව හරි අවබෝධයෙන් යුක්තව තීන්දුව වෙනස් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ තීන්දුව වෙනස් වුණත් නැතත් බුදුහාමුදුරුවන්ගේ මාවතෙන් මාව එලවන්න කිසි කෙනෙකුට මම ඉඩ දෙන්නේ නැහැ. අපි ආවේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ අපිට දීපු අයිතිය, භුක්තිය ඒ වගේම පෙර රජවරු අපිට පූජා කරපු ඉඩකඩම්වල අපි ඉන්නේ. ඒ නිසා ලිඛිත අලිඛිත නීතියේ 16 වෙනි ව්‍යවස්ථාව අනුව බලාත්මකයි. ඒ නිසා ව්‍යවස්ථාව දැනගෙන ඒ වගේම තවත් අනෙකුත් නීතිමය කරුණු ගවේෂණය කරමින් අවබෝධයෙන් තමයි අපි මේ සටන තුළ ඉන්නේ. ඒ නිසා අපි කියනවා ඉන්දියාවට ඕන විදිහට මේ ඉඩම් මංකොල්ලකන්න අපි ඉඩ දෙන්නේ නැහැ. කොමන උසාවි නියෝග අරගෙන අපිට අසාධාරණ විදිහට පොලීසිය කටයුතු කරන්න හැදුවත් ඒ පොලීසියේ අනීතිකව අපිට පහරදෙන්න සූදානම් වුණොත් අපි ඒ යටත් කිරීමට, ඒ තර්ජනයට බිය නැතුව මුහුණ දෙනවා කියන එකත් මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි.




