Published
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙ වන විට දිවයිනේ දිස්ත්‍රික් 25ක් බලපෑමට ලක් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
බලපෑමට ලක් වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 285ක්.
බලපෑමට ලක් වූ මුළු පවුල් සංඛ්‍යාව 61,175ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
බලපෑමට ලක් වූ මුළු පුද්ගල සංඛ්‍යාව අද අළුයම වන විට 219, 282ක් දක්වා ඉහල ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 69ක්.
අතුරුදහන් සංඛ්‍යාව 34ක් වනවා.
අවතැන්වූවන් වෙනුවෙන් සුරක්ෂිත මධයස්ථාන 266ක් ස්ථාපිත කර ඇති අතර එම මධ්‍යස්ථානවල දැනට රදවා සිටින මුළු පවුල් සංඛ්‍යාව 5,890ක්. සුරක්ෂිත මධයස්ථාන වල සිටින මුළු පුද්ගල සංඛ්‍යාව 18,443ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.




