පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත් අපේම ජනතාවට සවියක් වීම සඳහා මේ වන විට “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මකයි.
ඒ අනුව එම ජනතාව වෙනුවෙන් වියළි ආහාර, වතුර බෝතල් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කළ හැකි බවයි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත දහනායක මහතා පැවසුවේ.
ඒ අනුව කොල්ලුපිටිය පස්වන පටුමඟේ නෙත් එෆ් එම් ප්‍රධාන කාර්යාලය, බම්බලපිටිය දුම්රියපොළ පාර ඕෂන් වීව් ගොඩනැගිල්ල සහ අනුරාධපුර රුවන්වැලි සෑ මහා විහාරයේ ප්‍රධාන කාර්යාලය වෙත ඔබට එම ආධාර ලබා දිය හැකි වනවා.
එමෙන්ම ගාල්ල, හිරිඹුර හන්දිය රත්න ෆර්නිචර්ස්, මාතර පල්ලිමුල්ල පරණ පාරේ මනම්පේරී බාත්වෙයාර් සහ බලංගොඩ තුඹගොඩ මහ පන්සල වෙත ද ඔබට එම ආධාර ලබා දිය හැකියි.
ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු 077 348 77 56 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකි වනවා.
හැමෝම වෙනුවෙන් අපිත් එකට ඉමු - අපි නෙත් එෆ් එම්.




