ඉන්දීය ගුවන් සමාගම් මගින් ක්‍රියාත්මක වන ගුවන් ගමන් සඳහා සිය ගුවන් කලාපය වසා දැමීමට පකිස්ථානය ගත් තීරණය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අදාළ තහනම අගෝස්තු 24 වන දින දක්වා බලපැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඉන්දියානු ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරන කිසිදු ගුවන් යානයකට හෝ ඉන්දියාවට අයත් හෝ බදු දී ඇති හමුදා සහ සිවිල් ගුවන් යානාවලට පකිස්ථාන ගුවන් කලාපය භාවිතා කිරීමට අවසර නොමැති බවට පසු ගියදා පකිස්ථානය විසින් දැනුම් දුන්නා.

ඒ, පසු ගිය අප්‍රේල් 22 වන දින පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි.

ඊට ප්‍රතිචාර ලෙස පකිස්ථානය විසින් ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් කලාපය වසා දැමූ අතර දෙරට විසින් පනවා තිබූ තාවකාලික සීමාවන් කිහිප වතාවක් දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පකිස්ථානය සිය ගුවන් සීමා අඛණ්ඩව වසා දැමීම හේතුවෙන් ඉන්දීය ගුවන් සමාගම්වලට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.