රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ , එතැන් සිට 09/23 දින අලුයම 06.50 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

අත්අඩංගුවට පත් එක් අයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංච් 48 හැවිරිදි අයෙකු වන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ සග පිටෙහි එල්ලා ගෙන යනු ලබන ගමන් මල්ලක් තුළ ඇසුරුම් 05 ක් ලෙස සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 092 ක් සගවා ගෙන තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් " "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .