රුපියල් විසිතුන් කෝටි දහ හතර ලක්ෂ විසි දහසක් වටිනා ” කුෂ්” සහ ”හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ , තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.
ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට දිවයිනට පැමිණ තිබෙනවා.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ” සියඹලා ටොෆී ” අඩංගු බව සදහන් ටින් 04 ක් තුළ කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 102 ක් සහ තවත් ටොෆී අඩංගු පාර්සල් 06 ක් තුළ ටොෆී ලෙස සකස් කළ ” හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 260 ක් සගවා තිබියදි සොයාගෙන ඇති බවයි කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.









