Published
කතානායකවරයාට වෙන්කර ඇති නිළ නිවාස සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද සංවාදයක් ඇතිවුනා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිණි අමරසූරිය මෙනවිය වෙත යොමුකර තිබූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදීමේදියි.
එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විමසා සිටියේ කතානායකවරයා ඔහුට හිමි නිළ නිවස භාවිත නොකලද එම නිවස සඳහා සේවකයන් 07 දෙනෙකු පත්කර ඇති බවයි
ඊට අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රතිචාර දැක්වූවා.
ඊට ප්‍රතිචාර දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ කතානායකවරයාට පමණක් නොව ඔහුගේ පුද්ගලික ලේකම්වරයාටද රජයෙන් නිළ නිවසක් ලබාදීඇති බවයි.
ඒ සමඟම සභාවේ උණුසුම් සංවාදයක් ඇතිවුනා.
ඉන් අනතුරුව පිළිතුරු ලබාදීම සඳහා සභානායක අමාත්‍ය නලින්ද ජයසිස්ස මහතා නැගීසිටියා.
;




