මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදුකරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය මෙවර සිදු නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් මාසයට අදාළව ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.