ඉන්ධන මෙටි්‍රක් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද දිනයෙදි මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඉදිරි දින කිහිපයේ දී තවත් ඉන්ධන නෞකා 03ක් දිවයිනට පැමිණීමට නියමිත බවයි එම සංස්ථාව පැවසුවේ.

මේ අතර ඉන්ධන බෙදා හැරීම සදහා ූඍ කේතය ක්‍රියාත්මක කළ ද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ රට තුළ හදිසි තෙල් අවශ්‍යතාවයක් මතු වුවහොත් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව, චීනය ඇතුළු රටවල් කිහිපයක් සමග මේවන විටත් සාකච්ඡා කරමින් සිටින බවයි.