Published
වාහන ආනයනයේදී දේශීය නියෝජිතයින් අධික ලාබ ලබන තත්ත්වයක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ වාහන නිෂ්පාදන සමාගම්වලටත් වඩා ඇතැම් කණ්ඩායම් මෙරටදී ලාභ ලබන බවයි.
කෙසේවෙතත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ කියා සිටියේ රටේ නිල සංචිත අඩු වීමට වාහන ආනයනයෙන් කිසිදු බලපෑමක් සිදුව නොමැති බවයි.
එහෙත් මෙරට නිල සංචිත වත්කම් ඉකුත් ජුනි මාසයේදී සියයට 3යි දශම 3කින් පහළ ගොස් ඇති බවට ඇතැම් වාර්තාවල දැක්වුණා.