වැලිවතුර මධ්‍ය මණ්ඩලාරාම විහාරස්ථාන සහන කඳවුරට ජල මෝටරයක් ලබා දීමට එක්වූ අවස්ථාවේ කල අදහස් දැක්වීම.
දිට්වා සුළි කුනාටුවෙන් පසු ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා විපතට පත් ජනතාව රැඳී සිටින මාවනැල්ල වැලිවතුර ශ්‍රී මධ්‍ය මණ්ඩලාරාම විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති සහව කඳවුර නිරීක්ෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.
එහි දී මෙම සහන කඳවුරේ ජනතාවගේ පරිභෝජනයට ජලය සපයා ගැනීම සඳහා ජල මෝටරයක් අවශ්‍ය බවට පැවසූ අතර එම අවස්ථාවේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම ජල මෝටරය ලබා දෙන ලදී.
එහි දී කදවුරේ සිටින ජනතාව නැවත නිවෙස්වලට යොමු කරන බවත් පූර්ණ හානි වු නිවෙස් සහිත අයට වෙනත් ස්ථානයක නිවෙස් දෙනවා කිව්වත් අර්ධ හානි වු අය එම ස්ථානයටම යොමු කිරීමට කටයුතු කරන බවත් දැන ගැනීමට ලැබුණි.
එබැවින් ඔවුන්ට හිමි සහන සහ අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඇතුළු පිරිසක් එක්විය.




