විප්ලවීය කියුබානු නායකයෙකු වූ අර්න්ස්ට් චේ ගුවේරාගේ 58 වැනි ගුණ සැමරුමක් ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩේරස් මර්චෙලෝ මහතාගේ සහ,විදේශ කටයුතු,රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

චේ ගුවේරා විසින් හොරණ මොරගහහේන යහළකැලේ වත්තේ රෝපණය කරන ලද මැහෝගනී ගස අසලදී මෙම ගුණ සැමරුව පැවැත්විණි.

සමාජවාදී තරුණ සංගමය විසින් මෙය සංවිධානය කර තිබුණා.

ඔහු කියුබානු රජයෙහි අමාත්‍යවරයෙකුව සිටියදී මෙයට වසර හැට හයකට පෙර ශ්‍රී ලංකාවේ කළ සංචාරයකදී රබර් වගාව සම්බන්ධයෙන් අධ්‍යයන කටයුත්තක් සඳහා හොරණ මොරගහහේන යහල කැලේ වත්තට පැමිණි අවස්ථාවේදී මෙම මැහෝගනී ගස රෝපණය කර ඇත.

කියුබානු තානාපති ඇන්ඩේරස් මර්චෙලෝ මහතා සහ විදෙස් කටයුතු,රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා චේ සැමරැමට පුෂ්පෝපාහර සිදුකිරීමෙන් පසු සැමරුම් උත්සවයක් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා,ඔෂානි උමංගා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.