මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ඇති තානාපති කාර්යාල ඇතුළු තීරණාත්මක ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ මේ සදහා ත්‍රිවිධ හමුදාවේ ද සහය ලබා ගන්නා බවයි.

විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ආශ්‍රිතව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, මැදපෙරදිග මතුවී ඇති යුදමය තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව සපයා ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවසුවා.