මීගොඩ පැවැති දන්සලක පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැදවා තවත් පිරිසකට තුවාල සිදුකළ කැබ් රථයේ ගමන් ගත් සෙසු පුද්ගලයන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීම සදහා මීගොඩ පොලීසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොමු කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා පිළියන්දල ප්රදේශයේ යාබද නිවෙස් දෙකක පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව ඊයේ දිනයේ මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම නිවෙස් දෙකට ගොස් තිබුණේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහායි.
කෙසේවෙතත් පොලිස් නිලධාරීන් එම නිවෙස් දෙක වෙත ගොස් සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ එම පුද්ගලයන් දෙදෙනා ප්රදේශයෙන් පලාගොස් ඇති බවයි.
ඒ අනුව මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.
අදාළ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැබ් රථ රියදුරා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හෝමාගම මහේස්ත්රාත් අධිකරණය ඊයේ නියෝග කළා.
හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේ සිදුවූ අදාළ අනතුරෙන් දන්සලේ පෝළිමේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලැබුවා.




