Published
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබෙනවා.
සිදුකරන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයාට සිය කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබූ බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එම කොමිසම හමුවේ පෙනී සිට නැහැ.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද එලෙස මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එම අවස්ථාවේ නිවසේ නොසිටි බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.




