ටිබෙටයේ කඳුකර කලාපයක සිදුවූ රික්ටර් මාපකාංක 7 ක ප්රබල භූ කම්පනයකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධියෙන් තවත් පුද්ගලයින් 32 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
ටිබෙටයේ ලාසා අගනුවර සිට කිලෝමීටර් 400 ක් පමණ ඊසාන දෙසින් පිහිටි ‘බචෙන්‘ ප්රදේශය කේන්ද්ර කර ගනිමින් මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.
එම භූ කම්පනයත් සමඟ ප්රදේශයේ නිවාස 339 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් විදුලි බල සැපයුම ද සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවත් චීන රාජ්ය මාධ්ය වාර්තා කළා.
එමෙන්ම කඳුකර මාර්ගවලට ගල් හා පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම්වලට බලපෑමට ලක්වූ උස් කඳුකර ප්රදේශ වෙත ළඟාවීමට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.
කෙසේවෙතත් සහන සේවා කටයුතු සඳහා බලධාරීන් විසින් හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර ඇති අතර, සහන කණ්ඩායම් කිහිපයක් ද මේ වන විටත් අදාළ ප්රදේශ වෙත යොමුකර ඇති බවයි චීන රාජ්ය මාධ්ය පවසන්නේ.
එමෙන්ම මෙම ප්රබල කම්පනය ටිබෙටයේ ‘චම්දෝ‘ සහ ‘නියිංචි‘ යන නගරවලට ද තදින් දැනී ඇති බව එම මාධ්ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.




