Published
කොල්ලුපිටිය, 6 වන පටුමගේ පිහිටි නිවාස සංකීර්ණයක අද අලුයම වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඒ අනුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක් මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම නිවාස සංකීර්ණයෙන්ම පදිංචි පුද්ගලයකු වන අතර ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.



