Published
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයෙකු බව කියන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ, ඔහුට වැළඳී ඇති චිකුන්ගුන්යා රෝගී තත්ත්වයට ප්‍රතිකාර සිදු කිරීම සඳහායි.
ඒ අනුව හරක්කටා කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසියේ විශේෂ ආරක්‍ෂාව යටතේ ඔහු එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.
කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවේ හරක් කටා පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවද වැඩිදුරටත් වාර්තා වුණා.
තමන්ට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසට හරක් කටා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේවෙතත් නිලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කළ බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.