ත්‍රී රෝද රථ සොරකම් කළ සැකකරුවන් තිදෙනෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මිරිහාන පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ ත්‍රී රෝද රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනකදීයි.
ඒ අනුව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කටයුතු කර ඇත්තේ.
පසුව එම සොරකමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත සොරා ගත් ත්‍රීරෝද රථය කුරුවිට ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා.
සැකකරුවන් සොරා ගත් තවත් ත්රීරේද රථ 10ක් යටියන්තොට, බලංගොඩ, බදුල්ල හා බත්තරමුල්ල ප්‍රදේශවලදී සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් එම ත්‍රීරෝද රථවල වර්ණය, චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර ව්‍යාජ අංක තහඩු හා ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කැලණිය, අම්බලන්තොට සහ පරකඩුව ප්‍රදේශවල පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරනු ලබනවා.




