Published
ආපදා හේතුවෙන් විශාල හානියක් වූ නුවරඑළිය තිබුණු තත්ත්වයට වඩා හොද තත්වයෙන් යුතු නුවරඑළියක් බවට පත් කිරිමට සියලු දෙනා එක් වි කටයුතු කල යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය පවසනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතිවූ ආපදා තත්ත්වය මත පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන්, විදුහල්පතිවරුන් දැනුවත් කිරිම සදහා පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.
ලබන වසරේදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අභියෝග ගණනාවකට මුහුණදීමට සිදුවන බවත් එම අභියෝග ජයගැනීමටද එක්ව කටයුතු කළයුතු බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පැවසුවේ.




