Published
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගැනීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර, එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගතයුතු පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළා.
එමෙන්ම, බන්ධනාගාර නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවයි මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වුණේ.
තම ගැටලු ජනාධිපතිවරයෙක් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ පළමුවරට බව මෙහිදී අදහස් දැක්වූ බන්ධනාගාර නිලධාරීන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළා.











