Published
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා නුවරඑළිය පොලිසිය විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී අධිකරණය නියෝග කළේ සැකකරු ඇප මත මුදාහරින ලෙසයි.
ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව නුවරඑළිය පොලිසිය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබ තිබුණා.




