ආපදා හේතුවෙන් හානියට ලක් වූ ව්‍යාපාර යළි ගොඩනැගීම සඳහා හැකි උපරිම සහන ලබාදෙන බව රජය පවසනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගෙන ඇති ණය වාරික ගෙවීම සදහා සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් වාණිජ බැංකු වෙත උපදෙස් ලබාදී ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහන සැලසීම සදහා ලබන වසරේ අයවැයෙන් ද මුදල් වෙන්කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ “රීබිල්ඩ් ශ්‍රී ලංකා” අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ව සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 3යි දශම 6ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කර තිබෙනවා.