සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට සංචාරක ඕස්ට්්‍රලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ, හරාරේහිදී ඊයේ පැවති තුන්වන එක්දින තරගය ද ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ජය ගැනීමත් සමගයි.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 271 ක්.

සංචාරක ඕස්ට්්‍රලියානු කණ්ඩායම එම තරගය ජය ගත්තේ පන්දුවාර 49 යි පන්දු 5ක් අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුණු 272 ක් රැස් කර ගනිමින්.