Published
රුසියාවේ පැවති 20 වැනි ආසියානු පාසල් චෙස් ශූරතා තරගාවලියේදී ජයග්‍රණ රැසක් අත්කර ගත් ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම අද දිවයිනට පැමිණියා.
මෙම තරගාවලිය ආසියානු කළාපයේ රටවල් 16 ක චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 381 දෙනෙකුගේ සහභාගීත්වයෙන් රුසියාවේ මොස්කව් නුවර ටූලා නුවරදී පැවැත්වුණා.
මේ සදහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසල් 11 ක සිසු සිසුවියන් 24 දෙනෙකු සහභාගී වී සිටියා.
එහිදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයේ එසදි නෙවන්සා වයස අවුරුදු 17 න් පහළ බාළිකා කාණ්ඩයේ රන් පදක්කම සමග ශූරතාවය දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.
එමෙන්ම වයස අවුරුදු 07 න් පහළ , 09 න් පහළ , 13 න් පහළ සහ 15 න් පහළ බාළිකා කාණ්ඩයේ සහ වයස අවුරුදු 17 න් පහළ පිරිමි කාණ්ඩයේ අනුශූරතාවයට හිමි රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම සමත් වුණා.








