Published
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ, ඇයට හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රදවා සිටි ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අද දහවල් කොළඹ ජාතික රෝහලේ 61 වාට්ටුවට ඇතුළත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඇය බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
මේ අතර හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද තවදුරටත් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.




