හබරාදූව, බද්දේගම සහ මිදිගම පොලිස් වසම්වලදී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා.

ඒ, මාතර දිසා අපරාධ කොට්ඨාසය විසින්.

සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05යි ග්‍රෑම් 600ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 800ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

හබරාදුව, හරුමල්ගොඩ ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 800ක් සමග පළමුව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු මත කොග්ගල සහ බද්දේගම ප්‍රදේශවලදී තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් සන්තකයේ තිබී ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 250ක් සොයාගෙන තිබෙනවා.

එම සැකකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු මත මිදිගම ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150ක් සමග තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් බද්දේගම, කොග්ගල හා හබරාදුව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.