දරුවන් වධහිංසාවලට ලක්කිරීමට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන එක්කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ළමා හිංසනයට එරෙහි පනතක් මිස ශික්ෂණයට එරෙහිව ගෙන ආ පනතක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

“ආදරයෙන් සුරකින්න - අපට ලොව දිනන්නට” යන තේමාව ඔස්සේ අරලියගහ මන්දිරයේදී අද පැවති ලෝක ළමා දින සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.

ලෝක ළමා දිනය යෙදී තිබූ අද දිනයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී ළමා හිංසනයට එරෙහිව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව නීති සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා.

ජාතික ගුරු ව්‍යාපාරය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ නියෝජ්‍ය ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.

සමගි ජන බලගවේගය අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

මේ අතර ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පොත් සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.